පරිගනකයට සම්බන්ධ කළ සැනින් හාඩ් ඩිස්ක් එක අකර්මණ්‍ය වන්නේ ඇයි..? hard disk error

පරිගණකයේ හාඩ් ඩිස්කයේ ක්‍රියා විරහිත විය. එය වෙනුවෙන් පරිගනකයට සම්බන්ධ කළද හදුනා ගත්තේ නැත. අලුත් හාඩ් ඩිස්කයක් ගෙන වෙනත් පරිගණකයට සවි කර එය දෝෂ නැති එකක්දැයි පරික්ෂා කොට බලා නැවත මුලින් කී පරිගණකයට සවි කළේ ය. එවිට එම හාඩ් ඩිස්කයද අක්‍රිය විය දැන් එය වෙනත් පරිගණකයකදී ක්‍රියා කරන්නේද නැත. මෙම පරිගණකයේ දී මෙසේ හඩ් ඩිස්කවලට හානි සිදු වන්නේ ඇයි..? එම දෝෂ නිවැරැදි කර ගන්නේ කෙසේද...?

 

 

හාඩ් ඩිස්කයේ තිබෙන මොටරය සහ එහි කියවිමේ/ ලිවිමේ හිස නිසි පරිදි ක්‍රියාත්මක කරවන විදුලි පරිපථයට හානි සිදුවීම නිසා කළ හැක. මෙවිට හාඩ් ඩිස්කයක මවුපුවරුවට සම්බන්ධ තිබෙන බව සිමොස් (CMOS - Compl-ementary Metal Oxide Semiconductor) වැඩසටහන මගින් හදුනා නොගනී.. එවිට එය My Computer හිදි පෙන්වන්නේ නැත.

අපරික්ෂාකාරි ලෙස හාඩ් ඩිස්කය ස්වි කිරිමට උත්සහා කිරිමෙන් එහි යටි පැත්තේ ඇති පරිපථය කෙසින් එකෙහි කොටස් සමග ස්පර්ශ වීම නිසා එය දවී යා හැකිය.

මෙම අත්වැරැදිම් දෙකම සිදු නොවුයේ නම් හාඩ් ඩිස්කය දවී යාමට හෙතුව පවර් සප්ලයි එකෙහි පවතින දොෂයක් වීමට ඉඩ ඇත් එහි වොල්ටිතාවයන් පරික්ෂා කර ඒවා නිසි පරිදී නොපවති නම් දැන් වෙනත් පවර් සප්ලයි යුනිට් එකක් සවි කල යුතුය.

මිට අමතරව කලාතුරකින් හාඩ් ඩිස්කයට සම්බන්ධවන ඩෙටා කෙබලයේ විදුලි කාන්දුවීම් හෝ මවුපුවරුවේ තිබෙන අයිඩිඊ (IDE- Integrated Drive Electronics ) හෝ සාටා (SATA - Serial Advanced Technology Attachment) පොට්වල දොෂ නිසාද හාඩ් ඩිස්ක් අක්‍රිය විමට ඉඩ ඇත..


Comments

Popular posts from this blog

10 Essential Algorithms Every Programmer Should Know

ARTIFICIAL INTELLIGENCE- කෘත්‍රිම බුද්ධිය

VLC මාධ්‍ය ධාවකය භාවිතයෙන් විඩියෝ කපා ගැනිම සිදුකරන ආකාරය.