VLC මාධ්‍ය ධාවකය භාවිතයෙන් විඩියෝ කපා ගැනිම සිදුකරන ආකාරය.

VLC මාධ්‍ය ධාවකය යනු සරල, ප්‍රාථමික මාධ්‍ය ධාවකයක් ලෙස වසර ගනනාවක් පුරා අප අතර ජනප්‍රිය වුවකි.එයට හේතුවක් ලෙස එය සෑම
ප්‍රධාන ශ්‍රාව්‍ය හා දෘෂ්‍ය ආකාරයක් සදහාම සහය දැක්වීම සදහන් කල හැක. VLC මාධ්‍ය ධාවකයේ අපගේ එදිනෙදා භාවිතයන්ට අමතරව
තවත් සැගවුනු ලක්ෂණ කිහිපයකින් යුක්තය.එයින් එක් වැදගත් ලක්ෂණයක් වන්නේ විඩියෝ පටිගත කිරිමේ හැකියාවයි.එසේම
මෙමගින් විඩියෝ විච්ඡේදනය කිරිමේ හැකියාවද සහිත වීම තවත් සුවිශේෂි ලක්ෂණයකි.මෙහිදි අපි බලමු VLC මාධ්‍ය ධාවකය
භාවිතා කර විඩියෝ පටයක් විච්ඡේදනය හෙවත් කොටස් කිරිම සිදු කරන්නේ කෙසේද කියලා.



  • පියවර 1 : විඩියෝව VLC තුල ධාවනය කර view -; Advanced Controls ක්ලික් කරන්න.



  • පියවර 2 : පැති තිරුවට පහලින් ඇති බොත්තම් 4 ඔබට දැකගත හැකි වෙයි.පටිගත කිරිම සදහා ඇති බොත්තමද එහි වෙයි.


  • පියවර 3 : විඩියෝව වාදනය කර පටිගත කිරිම ආරම්භ කිරිම සදහා Record බොත්තම ඔබන්න.


දැන් ඔබට විඩියෝව අවසන් වන තුරු බලා සිටිමට සිදුවන අතර අවසාන දර්ශනය වනවිට ඔබට නැවත පටිගත කිරිමේ බොත්තමම එබිය හැක.
ඔබට දැන් ඔබගේ පරිගණකය මත ගබඩා වු විඩියෝව කැපීම සිදු කල හැකිය.

Comments

Popular posts from this blog

වැඩ නොකරන හාර්ඩ් ඩිස්ක් එකක් හදාගන්න බලමු

හබි (hub), ස්ව්ච් (switch), හා රවුටර් (Router) අතර වෙනස (Hub Vs Switch Vs Router)