Considerations When Buying A Projector (Projector එකක් මිලදී ගැනිමේදී සැලකිය යුතු කරුණු)



01- ප්‍රක්ෂේපන යන්ත්‍ර මිළට ගැනීමේදී බොහෝ දෙනා අපරික්ෂාකාරි බව හේතුවෙන් විවිධාකාර පසුතැවිම් වලට ලක්වන අවස්තා එමටය. වත්මන් වෙළෙඳපොළ හි විවිධ මිල මට්ටම් වලට විවිධ පහසුකම් සහිත projector විකිණීමට ඇති අතර ඒවා මිලට ගැනිමේදී බොහෝ සෙයින් ප්‍රවේශම් විය යුතුය. LED, LCD, DLP  projector 


02- DLP හා LCD  projector සාමාන්‍යයෙන් මිලෙන් වැඩි අතර වර්ණ සංකලනය වඩා හොද ප්‍රමිතික් පෙන්වන්නේ DLP Projector වලය. LCD Projector  දිප්තියෙන් වැඩි අතර ප්‍රමාණයෙන් කුඩාය. මේ නිසා DLP Projector වලට වඩා  LCD Projector මිලෙන් වැඩිය. LED projector මිලට ගැනිමේදී ප්‍රමුඛපෙළේ නිෂ්පාදන වෙළෙඳ නාම වලින් පැමිණෙන ඒවා පමණක් මිලට ගත යුතු අතර ඉතාමත් අඩුමිලට වෙළෙඳපොළට පිවිසෙන නිසි වෙළෙඳනාම රහිත චින නිෂ්පාදන මිලට ගැනිමේන් වැලකිය යුතුය. මේවායේ දිප්තිය, තිර ප්‍රමාණය හා ප්‍රමිතිය අඩු අතර කල්පැවැත්මද එතරම් දිගුකාලීන නොවේ.


03- Lumens  ප්‍රක්ෂේපනය යන්ත්‍ර වලට දීප්තිය මනින ඒකකය Lumens ලෙස හදුන්වන අතර දිප්තිය වැඩි වන විට lumens ගණන වැඩිවේ. සාමාන්‍යයෙන් දිවා ආලෝකය සහිත පන්ති කාමරකට වැනි ස්ථානයකට අවම වශයෙන් Lumens 3000 ක් වත් අවශ්‍ය අතර කෙලින් හිරු එළිය නොවැටේ නම්  Lumens 1000 ත 2000 ත් අතර ප්‍රමාණයක් ප්‍රමාණයක් ප්‍රමාණවත් වේ. ඉහත සදහන් කල අඩු ප්‍රමිතියේ LED projector වල Lumens ගණන බොහෝවිට 300 ත් 500 ත් අතර ප්‍රමාණයක් වන බැවින් උපරිම වශයෙන් අදුරු පසුබිමක් අවශ්‍ය වේ.
Projection screen size , distance හා Resolution 
ප්‍රක්ෂේපනය යන්ත්‍රයට කොපමණ දුරක සිට කොපමණ තරම් විශාල රූපයක් ප්‍රක්ෂේපනය කළ හැකිද යන වග සොයා බැලිම ඉතා වැදගත්ය. තවද ඉහල Resolution අගයක් සමග ඉහල ප්‍රමිතියක් හා විශාල තිර ප්‍රමාණයක් ලැබෙන බව දත යුතුය..


04- keystone correction 
ප්‍රක්ෂේපනය යන්ත්‍රය කෙලින්ම තිරයට යොමු කිරිමට අමතරව යම්කිසි කෝණයකින් තිරයට එල්ල කර ඇදවන රුපය නිවැරදී කිරිමේ හැකියාව keystone correction නම් වේ.
අතිරේක පහසුකම් හා port projector එකෙහි ඇති RGB HDMI හා වෙනත් ports පිළිබඳව සැලකිලිමත්වීම ඉතාමත් වැදගත්ය. ඔබ සම්බන්ධ කිරිමට බලාපොරොත්තු වන සම්බන්ධකවලට ගැලපෙන සම්බන්ධක සහිත projectors මිලට ගත යුතුය. සමහර projector ව්ලට USB port එකක්ද අඩංගු වේ. මේ හරහා projector යට කෙලින්ම USB pen  සම්බන්ධ කල හැකිය. කෙසේවුවද USB හරහා ධාවනය කල හැකි files මොනවාදැයි පරික්ෂාකර බැලිම නුවනට හුරුය..


05- ප්‍රක්ෂේපනය තිරය ඔබට ප්‍රක්ෂේපනය දසුන යොමුකිරීමට සුදුසු බිත්තියක් වැනි මතුපිටක් රහිත නම් ඒ සදහා සුදුසු ප්‍රක්ෂේපන තිරයක්ද මිලට ගැනිමට නුවනට හුරුය. Lamp Life projector ප්‍රධාන බල්බයේ අයුකාලය පැය ගණනින් මනිනු ලබන අතර බල්බය මාරුකලයුතු අවමකාල සීමාව Lamp life වේ. LDP LCD projector වල lamplife එකට වඩා LED projector වල ඉතා වැඩි ආයුකාලයක් ඇත. සුවිශේෂී පහසුකම් 3D projectors Android Projector , WiFi සහිත් projectors වැනි ඉතා සුවිශේෂී සහිත උපාංග මිලට ගැනිමේදී ප්‍රකට වෙළෙඳ නාමවන Epson, Sony, Samsung, Hitachi වැනි නිෂ්පාදකයකුගෙන් නිපදවෙන උපාංග මුලට ගැනිම නුවනට හුරුය...

Comments

Popular posts from this blog

වැඩ නොකරන හාර්ඩ් ඩිස්ක් එකක් හදාගන්න බලමු

VLC මාධ්‍ය ධාවකය භාවිතයෙන් විඩියෝ කපා ගැනිම සිදුකරන ආකාරය.

හබි (hub), ස්ව්ච් (switch), හා රවුටර් (Router) අතර වෙනස (Hub Vs Switch Vs Router)