Considerations When Buying A Projector (Projector එකක් මිලදී ගැනිමේදී සැලකිය යුතු කරුණු)
01- ප්‍රක්ෂේපන යන්ත්‍ර මිළට ගැනීමේදී බොහෝ දෙනා අපරික්ෂාකාරි බව හේතුවෙන් විවිධාකාර පසුතැවිම් වලට ලක්වන අවස්තා එමටය. වත්මන් වෙළෙඳපොළ හි විවිධ මිල මට්ටම් වලට විවිධ පහසුකම් සහිත projector විකිණීමට ඇති අතර ඒවා මිලට ගැනිමේදී බොහෝ සෙයින් ප්‍රවේශම් විය යුතුය. LED, LCD, DLP projector 02- DLP හා LCD projector සාමාන්‍යයෙන් මිලෙන් වැඩි අතර වර්ණ සංකලනය වඩා හොද ප්‍රමිතික් පෙන්වන්නේ DLP Projector වලය. LCD Projector දිප්තියෙන් වැඩි අතර ප්‍රමාණයෙන් කුඩාය. මේ නිසා DLP Projector වලට වඩා LCD Projector මිලෙන් වැඩිය. LED projector මිලට ගැනිමේදී ප්‍රමුඛපෙළේ නිෂ්පාදන වෙළෙඳ නාම වලින් පැමිණෙන ඒවා පමණක් මිලට ගත යුතු අතර ඉතාමත් අඩුමිලට වෙළෙඳපොළට පිවිසෙන නිසි වෙළෙඳනාම රහිත චින නිෂ්පාදන මිලට ගැනිමේන් වැලකිය යුතුය. මේවායේ දිප්තිය, තිර ප්‍රමාණය හා ප්‍රමිතිය අඩු අතර කල්පැවැත්මද එතරම් දිගුකාලීන නොවේ. 03- Lumens ප්‍රක්ෂේපනය යන්ත්‍ර වලට දීප්තිය මනින ඒකකය Lumens ලෙස හදුන්වන අතර දිප්තිය වැඩි වන විට lumens ගණන වැඩිවේ. සාමාන්‍යයෙන් දිවා ආලෝකය සහිත පන්ති කාමරකට වැනි ස්ථානයකට ...