වැඩ නොකරන හාර්ඩ් ඩිස්ක් එකක් හදාගන්න බලමු
සමහර විට ඔයාල ලඟ වැඩ කරන්නෙ නැති හාඩ් ඩිස්ක් ගොඩක් තියෙන්න පුලුවන් දොරවල් වැහෙනවට අඩ තියන්ත් කොළ හුළඟෙ යනවට බරට තියන්නත් යහමින් ඇති. අපි බලමු ඒ වගේ වැඩ නොකරන හාඩ් ඩිස්ක් එකක් නැවත පණ දීල ගන්න පුලුවන්ද කියල. ඉතිං පරණ වැඩ කරන්න නැති Hard Disk එකක් තියෙනවනම් මේ වැඩේ කරල බලන්න හරියන්නත් පුලුවන් නොවෙන්නත් පුලුවන් නමුත් ඉවත දමනවා වෙනුවට පොඩි උත්සාහයක් හරි කරල බලමු
මේ සඳහා බොහෝ දුරට සුදුසු හාඩ් ඩිස්ක් වන්නේ පහත දැක්වෙන ඒවා බව සලකන්න
1. අදාල Hard Disk එක සම්භන්ධ කලාම පරිගණකය මංදගාමී වෙන Hard Disk වලට
2. BIOS වලින් විතරන් Hard Disk එකක් විදිහට පෙන්නන Hard Disk වලට
3. මෙහෙයුම් පද්ධති දාන්න දෙන් නැති Hard Disk වලට
4. IDE Hard Disk වලට
5. ෆෝරමැට් කරන්න දෙන්නැති Hard Disk වලට
මීට අමතරව අනිකුත් ලෙඩ සහිත Hard Disk වලට සමහර විට හරියාමට ඉඩ තිබෙනව
ඒ වගේම මේ විදිහට Hard Disk එක හදා ගන්න නම් Power Conecter එක සම්බන්ද කල විට Hard Disk එකේ මෝටරය අනිවාර්යයෙන් වැඩ කල යුතුයි. මේ සදහා අවශ්‍ය දේවල්
1. මකන කැල්ලක් 2. පින්සලක් 3. පොඩි රෙදි කැල්ලක් 4. Hard Disk එකේ ඇන ගැලවිය හැකි නියනක්
මෙහෙමයි කරන්නේ
1. Hard Disk එක ගලවල එලියට ගන්න
3. මදර් බෝඩ් එකේ වයර් එක හෙම්න් සැරේ පන්නන්න
4. Mother Board එක සෙමින් ඉවතට ගන්න
5. ඊට යට තියෙන කුෂන් එකත් අයින් කරන්න. Hard Disk එක අස්සට දුවිල්ල නොයන ලෙස
6. Mother Board එකේ යට Hard Disk එකට සම්බන්ද වන සිහින් කම්බි මකන කැල්ලේන් හෙම්න් සැරේ හොදට පිහ දාන්න. (Hard Disk එක අස්සට දුවිල්ල නොයන විදිහට තබා ඉන් පසු මෙය කරන්න)
7. Hard Disk එකේද පවතින Pin ටික සෙමින් පිහ දාන්න. අස්සට දුවිල්ල ගියොත් නම් Hard Disk එක කොහොමවත් වැඩ කරන් නැති වෙයි. ඒ හින්ද දුවිල්ල යන් නැති විදිහට කරන්න
8. කුෂන් එක හොදින් පිස දමා නැවත තිබු ආකාරයට තියන්න
9. Mother Board එකේ Moter එකේ වයර් එක හෙම්න් සැරේ සවි කරන්න
10- Mother Board එක තබා ඇන හොදින් තද කරන්න
දැන් පරිගණකයට සම්බන්ද කරල BIOS වලට ගිහින් බලන්න Hard Disk එක පෙන්නනවද කියල.
පෙන්නනවනම් WIN XP CD එකක් ආධාරයෙන් Boot කර Hard Disk එකේ සියලුම Partision Delect කර නැවත Partision Create කරන්න. (අවශය දේවල් ඇත්තමි වෙනත් Hard Disk එකක් ආධාරයෙන් ඔන් කර අවශය දේවල් Copy කර හො Backup කර තබා ගන්න)(මේ සදහා WIN XP CD හැර වෙනත් OS එකක් සහිත CD/DVD භාවිතා නොකරන්න. එසේ කලහෙත් සමහර විට Partision Delect කර නැවත සැකසීමට නොහැකි විය හැකිය )
ඔබේ අදහස් පහල comment box එක්‍ෙ comment කරන්න.....
Comments
Post a Comment